ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් නාවික හමුදාපති හමුවෙයි


ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් බ්‍රයිස් හච්සන් මහතා හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමුවිය.
 
ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකා‍ නාවික හමුදාවේ 23 වැනි නාවික හමුදාධිපතිවරයා ලෙස පත්වීම් ලද වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාට  සිය සුබ පැතුම් පිරිනැමීමද සිදු කෙරිණි.

ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු රාශියක් සම්බන්ධයෙන් එහිදී ඔවුන් සුහද කතාබහක නිරත වියඑම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණි හුවමාරුවක් ද සිදු කෙරිණි. 

 මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ගෘප් කපිතාන් ෂෝන් අන්වින් මහතා ද එක් විය.

 (36698)