ඕස්ට්‍රේලියාවෙන් අධිවේගී ප්‍රහාරක බෝට්ටු තුනක්


ඕස්ට්‍රේලියානු රජය විසින් පරිත්‍යාග කරන ලද අධිවේගී ප්‍රහාරක බෝට්ටු තුනක් අද (25) ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා වෙත ඕස්ට්‍රේලියා තනාපති අතින් පරිත්‍යාග කෙරිණි.

මෙම අධිවේගී ප්‍රහාරක බෝට්ටු තුන වෙරළාරක්ෂක බලකාය වෙත ලබා දුන් අතර මෙමගින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වැළැක්වීම , ත්‍රස්ත ක්‍රියා මර්ධනයට යොදා ගැනීමට භාවිතා කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.

(ඡායාරූප  - ඩික්සන් වසන්ත)