(යොහාන් භාසුර)
කටාන ජල සම්පාදන ක්‍රමයේ කටාන උතුර කලාපයේ, ජල කුලුණුවල සහ බෙදාහැරීම් පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (19) පැය 16 ක කාලයක් ජල සැපයුසම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව හෙට (19) පෙරවරු 8.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා වූ පැය 16 ක කාලය තුළ කටාන උතුර කලාපයේ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බවත් බම්බුකුලිය, මුරුතාන, කටාන උතුර, කටාන බටහිර, නැගෙනහිර කටාන, උඩංගාව, මානචේරිය, තෝප්පුව, බටහිර කළුවාරිප්පුව, ඉහළ කදවල, පහළ කදවල, වැලිහේන උතුර, වැලිහේන දකුණ, ආඩික්කණ්ඩිය, ඇත්ගාල, ඇත්ගාල දකුණ, මහ ඇත්ගාල සහා නැගෙනහිර කළුවාරිප්පුව ආදි ප්‍රදේශවල මෙම කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බවත් එම මන්ඩලය සඳහන් කරයි.