කටුගස්තොට ආර්ථිකය එළවළු නැතිව පාළුවට යයි


(මොහොමඩ් ආසික්)

කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයට දෛනිකව ලැබෙන එළවළු ප්‍රමාණය තව දුරටත් අඩු වීම නිසා  ආර්ථික මධ්‍යස්ථානය එළවළු නොමැතිව අද පාළුවට ගියේය.

කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳ සංගමයේ භාණ්ඩාගාරික පි.බී. දිසානායක මහතා සදහන් කළේ කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථාය වෙත සාමාන්‍ය දිනවල එළවළු කිලෝ ලක්ෂ දහයක් පමණ ලැබුණත් අද දින තිබුණේ ලක්ෂයකටත් අඩු ප්‍රමාණයක් බවයි.

එළවළු ලැබීමේ ප්‍රමණෙය අඩු වීම නිසා මිළ ඉහළ මට්ටකට පවතින බවත් ඒ නිසාම පාරිභෝගිකයින් සහ සුළු ව්‍යාපාරිකයින් එළවළු මිළ දී ගැනීමට පැමිණිම ඉතා අඩු මට්ටමක පවතින බවත් ඒ මහතා කිය.

නුවරඑළියෙත් දඹුල්ලෙත් එළවළු ප්‍රමාණය අඩු වී ඇති බැවින් කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළුද ඉතා අඩු මට්ටමක පවතින බවත් මහතා කිය.

කටුගස්තොට ආර්ථික මධයස්ථානයේ කැරට් 400 -450 ත් අතරත් බොංචි 400- 450 ත් අතරත් තක්කාලි 200 – 250 ත් රත් බටු 300-350 ත් අතරත් තොග මිළ පැවැති බවද ඒ මහතා කීය.