කටුනායක නිදහස් වෙළෙද කළාපයට දිවා සුරැකුම් මධ්‍යස්ථානයක්


(ටී.කේ.ජී.කපිල )

කටුනායක නිදහස් වෙළෙද කළාපයේ සේවයේ නිරත සේවක - සේවිකාවන්ට තම දූ දරුවන් අනාරක්ෂිතව සිය නේවාසිකාගාර තුළ තබා යාම වෙනුවට සුරක්ෂිතව ඔවුන් රදවා තැබීම සදහා  දිවා සුරැකුම් සහ ඉගෙනුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමට අද(10 ) දින මුල්ගල් තැබීමක් කටුනායක නිදහස් වෙළෙද කළාපයේ 04 අදියර ප්‍රධාන ගේට්ටුව අසළ දී සිදු කෙරුණි .

මෙම දිවා සුරැකුම් සහ ඉගෙනුම් මධ්‍යස්ථානය නිසා කටුනායක නිදහස් වෙළෙද කළාප සේවක සේවිකාවන්ට  මානසික පීඩනයෙන් තොරව සිය සේවා ඉටු කිරීමේ පරිසරයක් නිර්මාණය වේ .

රුපියල් හත් කෝටි හැට ලක්ෂයක් වැය කර , වර්ග අඩි 8,000 ක වපසරියකින් මෙම දිවා සුරැකුම් සහ ඉගෙනුම් මධ්‍යස්ථානය , ඒ.ටී.ජී.අත්වැසුම් නිෂ්පාදන ආයතනයේ සභාපති ෆසාල් ආබ්දීන් මහතාගේ ධන පරිත්‍යාගයෙන් සිදු කෙරෙන සමාජ සද්කාර්යයක් වන අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මේ සදහා යෝජිත ඉඩම ලබා දී තිබේ .

 ඒ.ටී.ජී.අත්වැසුම් නිෂ්පාදන ආයතනය ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය සමග ඒකාබද්ධව පවත්වා ගෙන යනු ලබන ආයෝජන ව්‍යාපෘතියකි.