කටුවපිටියේදී කාදිනල්තුමෝත් කම්පාවෙති


කටුවපිටිය දේවස්ථානයේ සිදුවු බෝම්බ පිපිරිමෙන් මරණයට පත්වූ පිරිස මිහිදන් කිරීම අද (23) උදෑසන සිට සුසාන භූමි වෙත රැගෙන එමින් තිබේ. 

මියගිය පිරිසේ දේහයන් කටුවපිටිය දේවස්ථානයට රැගෙන විත් එම ස්ථානයේ ආගමික වතාවත් සිදු කිරීමෙන් පසුව සුසාන භූමි වෙත රැගෙන ඒම සිදුවෙමින් පවති.

කටුවපිටිය බෝම්බ පිපිරිමේන් මියගිය පිරිසේ දේහයන් සිය ඥාතින් විසින් කටුවපිටිය ඩේවිඩ්වත්ත පොදු සුසාන භූමියට රැගෙන එම සිදුවන අයුරු දැකගත හැකි විණි.

ඒ සමගම තවත් දේහයන් රැසක් සෙල්ලකන්දල් සුසාන භුමියේ තැන්පත් කිරීමට ද සුදානම්ව තිබෙන ආකාරය දැකගත හැකි විය.

හඬා වැලපෙමින් මියගිය ඥාතීන්ගේ දේහයන් සුසාන භුමි වෙත රැගෙන එන ඥාතීන්ගේ විලාපයෙන් කටුවපිටිය ඇතුළු ගම්මාන ගණනාවක දෝංකාර දෙමින් තිබේ.

දේහයන් ඩේවිඩ්වත්ත සුසාන භුමියේ දී සමුහ ලෙස විශාල වළක මිහිදන් කිරිම සිදුවෙමින් පවතී.

(ඡායාරූප ශාන්ත රත්නායක)


 

කටුවපිටිය දේවස්ථානයේ දී මියගිය අයගේ සිරුරු මිහිදන් කරන අයුරු - ඡායාරූප හිරාන් ප්‍රියංකර ජයසිංහ

 

ඡායාරූප - ශාන්ත රත්නායක