කඩයිම් ලකුණු ගැටලුවෙන් අසාධාරණයට පත් සිසුන් සරසවියට ගන්නැයි උද්ඝෝෂණයක්


 

(ශාන්ත රත්නායක)

නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යපාරය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (26) කොළඹ ලිප්ටන් වටරවුම ඉදිරිපිටදී පැවැත්විණි.
 
උසස් පෙළ කඩයිම් ලකුණු  ගැටලුවෙන් අසාධාරණයට පත් සියලුදෙනා සරසවිවලට වහා බදවාගන්න ලෙසත් ,අධ්‍යාපනයට 6% ප්‍රතිපාදන වෙන් කරන ලෙසත් රජයට බල කරමින් මෙම විරෝධතාව පැවැත්විණි.

එයට සිසුන් හා දෙමාපියන් විශාල පිරිසක් සහභගි වි සිටියහ.