කඩුකල්ලි සාමාජිකයෝ කඩුත් එක්ක මාට්ටු


( රොමේෂ් මධූෂංක)

යාපනය කොකුවිල් ප්‍රදේශයේදී පසුගිය දිනයන්හි ප්‍රචණ්ඩකාරි සිදුවීම් කිහිපයකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු ඊයේ (12) අත්අඩංගුවට ගත් බවට යාපනය කොට්ඨාස භාර අපරාධ විමර්ශන අංශය පැවසීය.

පසුගිය 03 වැනිදා කොකුවිල් ඥානපණ්ඩිත පාසල ආසන්නයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී තුවල සිදුකොට පලාගිය පිරිසක් සම්බන්ධයෙන් කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරීන් විසින් සිදුකරන ලද පරික්ෂණයකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න සිදුකිරීමෙන් අනතුරුව ඔවුන් ප්‍රචණ්ඩක්‍රියා සඳහා භාවිතා කරනු ලැබූ තියුණු ආයුධ, යතුරුපැදි මෙන්ම මත්ද්‍රව්‍ය තොගයක්ද තිබී සොයාගෙන ඇත.

යාපනයේ ක්‍රියාත්මක වන කඩු කල්ලි සඳහා සෘජුවම දායකවන පිරිසක් වශයෙන් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් හැඳින්විය හැකි බව පොලීසිය කියයි.