කඩුවෙළට මහා ජල කඳක්:නිවාස සම්පූර්ණයෙන්ම යටවේ


කැලණි ගඟ පිටාට ගැලීමෙන් කඩුවෙල වටරවුම් මාර්ගයේ පිවිසිම අසල නිවාස රැසක් ජලයයෙන් යටවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

ඇතැම් නිවාස වහළ සම්පූර්ණයෙන්ම වැසී යන ලෙස ජලයෙන් යටවී ඇති අතර තවත් නිවාස වහළ මට්ටමට ජලයෙන් යටවී ඇති අයුරු ලංකාදිප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිනි.

අධිවේගී මාර්ගයේ පිටවිසුම් මාර්ග මෙන්ම පිටවීමේ මාර්ග ද ජලයෙන් යටවී ඇත. ඒ හේතුවෙන් කොළඹ වටරවුම් මාර්ගයේ  කඩුවෙල පිටවීමේ දොරටුවද ජලයෙන් යටවීම නිසා තාවකාලිකව වසා ඇත.

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)