කණ්ඩලම වැව වාන් දමයි


 

(කාංචන කුමාර ආරියදාස)

පවතින අධික වර්ෂාවත් සමඟ කණ්ඩලම වැවේ වාන් දැමීම ආරම්භ කළ බව මහවැලි නිලධාරීන් පවසයි.

ඊයේ (4) පස්වරුවේ අඟල් හයක් පමණ වාන් දැමූ කණ්ඩලම වැව අද (5) උදෑසන වන විට අඩි එකහමාරක් පමණ දක්වා එය වර්ධනය වී තිබේ.

වානෙන් බැස යන ජලය මිරිස්ගොනියා ඔය හරහා කලාවැවට මුදාහැරේ.

මෙම හේතුවෙන් දඹුල්ල  වෑවල වැව යන මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබේ.

විශේෂයෙන් කුඩා පාලමෙන් යතුරුපැදි ත්‍රිරෝද රථ ගමන් කිරීමට  හැකිවන අතර වාන මතින් දිවෙන මාර්ගයේ බස් ගමනාගමනයට පමණක් සීමා වී ඇති අතර අනෙකුත් වාහන ගමනාගමනය නවතා තිබීම විශේෂත්වයකි.

වාන මතින් ගමන් කිරීමේ දී ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් දඹුල්ල පොලීසියට අනියුක්ත පොලිස් ජීවිතාරක්ෂක  නිලධාරීන් සේවයේ යොදවා තිබෙන බව පොලීසිය පවසයි.