කණ්ඩලමත් වාන් දමයි


 

මේ දිනවල පවතින වර්ෂාවත් සමඟ කණ්ඩලම වැව වාන් දැමීමට පටන් ගෙන  තිබේ.

අද (07)  උදෑසන වන විට අඟල් 10 ක  ප්‍රමාණයක් කණ්ඩලම වැවේ  වානෙන් ජලය පිටවන බවත් තප්පරයකට ඝන අඩි 600ක් පිටවන බවත්  මහවැලි තාක්ෂණ ඉංජිනේරු එම් .එච් .එන් .ආර් .බණ්ඩාර මහතා පැවසීය.

 මේ හේතුව නිසා දඹුල්ල සිට වෑවල වැව දක්වා ධාවනය වන මාර්ගයේ ගමනාගමන කටයුතුවලට සුළු වශයෙන් බාධා එල්ල වී තිබිණි.

කණ්ඩලම ජලාශයෙන් පිටවෙන  වාන් ජලය මිරිස්ගෝනිය ඔය  හරහා කලා වැවට ලැබෙන අතර මේ වන විට කලාවැවේ ද වාන් දොරටු කිහිපයක් විවෘත කර තිබෙන බව මහවැලි නිලධාරීහු පවසති.

කණ්ඩලම ජලාශයට බෝවතැන්න ජලාශයෙන් විශාල වශයෙන් ජලය ලැබෙන අතර මේ වන විට කණ්ඩලම ජලාශයේ සොරොව්ව දෙකම විවෘතකර ගොවීන්ට අවශ්‍ය ජලය ලබාදීම සිදුකරන බවද මහවැලි නිලධාරීහු පවසති.

(කාංචන කුමාර ආරියදාස)