කතරගම ඇසළ මංගල්‍යයට මුල පුරයි


(කේ ඩි දේවප්‍රිය)

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ මෙම වසරේ ඇසළ මංගල්‍ය සදහා කප් සිටුවීම අද‍ දින උදැසන සුභ මොහොතින් සිදු විය.

මේ අනුව කප් සිටුවා දින 45 ක් ගිය පසුව එනම් ලබන ජුලි 29 වැනි දින රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍ය ආරම්භ වී අගෝස්තු 11 වැනි දින රාත්‍රි අවසන් මහා පෙරහැර සිදු කර පසු දින 12 වැනි දින මැණික් ගඟේ දිය කැපීමේ මංගල්‍යයෙන් පෙරහැර නිමාවට පත් වන බව කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන්ගුණසේකර මහතා සදහන් කරයි.

කප් සිටිවීමේ චාරිත්‍රය යනු කඳ කුමරුවන්ගේ සහ වල්ලි දෙවඟනගේ විවාහ මංගල්‍ය සනිටුවහන් කිරිීම පිණිස කරන චාරිත්‍ර පෙරහැරකී.

මේ සම්බන්දව අදහස් දැක් වු රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපුමහතා වන සොමීපාල ටී රත්නායක මහතා සදහන් කලේ.

අතීතයේ හෙළයේ මගුල් තුලාවක දී සෑම චාරිත්‍රයක්ම සිදු කලේ නිවසේදියි. අදමෙන් හෝටල් තුළ ශාලා තුළ මගුල් කටයුතු සිදු නොකල අතර නිවස ඉදිරිපිට මගුල් මඩුවක් සාදවා මගුල් පෝරුව ඇතුලු සියලුම චාරිත්‍ර ඉටුකිරීම සිදු වුණේ.

එම සාදන මගුල් මඩුව සෑදීමට පෙර ප්‍රථම කනු සිටුවීම සුභ නැකතකින් සිදු කිරීම අනුව එම චාරිත්‍රය කඳ කුමරුවන්ගේ සහ වල්ලී දෙවඟනගේ විවාහ උත්සවය සනිටුවහන් කරමින් මෙම කනු සිටුවීම සිදු කරනවා