කතරගම මහ දේවාලයේ කොළ අතු පන්දලම අලුත් කෙරෙයි


 

 

( කේ ඩි දේවප්‍රිය )  


කතරගම  දේවාලයේ ඇසළ මංගල්‍යයේ 6 වැනි දවස  වු අද (26) දිනයේදී දේවාලය ඉදිරිපිට වු කොළ අතු පන්දළම නව කොළ අතු දමා සකස් කෙරිණි.

දේවාලයේ පෙරහරේ ගමන් ගන්නා අලි ඇතුන් සම්බන්ධ කර ගනිමින් මෙය සිදු කෙරුණු අතර,   ‘දඹ කොළ‘  අත්තක් දේවාලයේ වාසනා හස්තියා වෙත ලබා දිමෙන් අනතුරුව  අතු පන්දළම සකස් කිරිම අරම්භ කළේය.

එමෙන්ම  දුටුගැමුණු රජ දවසේ පටන් පවත්වා ගෙන එනු  ලබන බස්නායක නිළ මැඳුරේ ඇති ගොම මැටි ගෑ බිමේ සිදු කරන දාන පිංකම ආරක්ෂක ලේකම් මේජ්ර් ජෙනරාල් කමල් ගුණරත්න , බස්නායක නිළමේ දිල්රුවන් රාජපක්ෂ යන මහත්වරු   මහා සංඝයා වහන්සේලා ට පිළිගැන්වූහ.

එහිදී  දුටුගැමුණු මහා රජතුමාට යුද්ධයේ දි උපකාර කළ කඩොල් ඇතුගේ දළ යුගළ මහජන ප්‍රදර්ශනය සඳහා  දේවාලයේ ඇතුළු  මාලිගයේ සිට එළියේ මණ්ඩපයට වෙත තැම්පත් කිරිමද සිදුවිය.

කතරගම ඇසළ මංගල්‍ය ලබන මස 03 වැනි දින දක්වා පැවැත්වේ. මෙවර බැතිමතුන් සදහා පෙරහර නැරඹීමට අවස්ථාව ලබාදි නොමැති අතර බැතිමතුන් සදහා උදේ 4 සිට  දහවල් 12  දක්වා දේවාලය හා කිරිවෙහෙර වන්දනා කිරීමට ඉඩ අවස්ථාව ලබාදි තිබේ.