කතානායකට සීනිගමදී පොල් ගසති


 

ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරන කතානායක කරු ජයසුරිය මහතාට දෙවොල් දිවියන්ගෙන් දෙස් ඉල්ලමින් පොල් ගැසීමේ අවස්ථාවක් අද (15)පෙරවරුවේ සීනිගම දේවාලයේදී පැවැත්විණ.


දකුණු පළාත් සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මෙය සංවිධානය කර තිබිණි. 


ශම්මු ආරිවංශ, සම්පත් අතුකෝරාළ, චන්න ශ්‍රී සාලිය මැන්දිස් යන දකුණු පළාත් සභා මහත්වරු මීට සහභාගී වූහ.

එම්. සුසිල් ප්‍රියන්ත