(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මේ රටේ ආදර්ශමත් පාර්ලිමේන්තුව බිහිකිරීමට තමා කැපවන බව දස වැනි පාර්ලිමේන්තුවේ නව කතානායක අශෝක සපුමල් රන්වල මහතා එම තනතුරට පත්වීමෙන් පසු ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය.
ජනතාවගේ අපේක්ෂා ඉටුකිරීමට මෙහි සිටින සියලුම මන්ත්‍රීවරුන් එකාවන්ව අදිටන් කර ගැනීම ඉතාම වැදගත් බවද ඔහු සඳහන් කළේය.
අශෝක සපුමල් රන්වල මහතා මෙසේද පැවසීය.
මම මේ තනතුරට පත් කර ගැනීම සම්බන්ධයෙන් ප්‍රශංසාව පිරිනමනවා. දේශපාලන පක්ෂ වලටත් ප්‍රශංසාව පුද කරනවා. ආණ්ඩු පක්ෂය වගේම විපක්ෂයද මා කෙරෙහි තැබූ විශ්වාසය ගැන ප්‍රණාමය පුද කරනවා. පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කරමින් ඔබ සියලු දෙනාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් මේ භාරදූර කතානායක ධූරයේ වගකීම අවංකව සහ කාර්යක්ෂමව ඉටු කිරීමට පොරොන්දු වෙමි.
ආදර්ශමත් පාර්ලිමේන්තුවක් බිහි කිරීමට මම උපරිමයෙන් කැපවෙනවා. කාරක සභාවලදී ඵලදායි දායකත්වය ලබාදෙන ලෙස මන්ත්‍රීවරුන්ගේ ඉල්ලා සිටිනවා.අපි සියලු දෙනා එකට අත්වැල් බැඳගෙන සම්මුතියෙන් එක්සත්ව එක්සිත්ව එක්සිත්ව එකම ශ්‍රී ලංකාවක් වෙනුවෙන් දේශපාලන වාද භේදයෙන් තොරව මේ අභියෝගාත්මක අවස්ථාවේදී රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් කටයුතු එක්වන ලෙසට මම ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.යහපත් අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා.
නව කතානායකවරයාට සුභ පැතුම් පිරිනමමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ පැවසීය.
ඔබට විපක්ෂය විදියට අපි සුභ පැතුම් පිරිනමනවා. මන්ත්‍රීවරුන් දෙසිය විසිපස් දෙනාගේම අයිතිය ගෞරවය ආරක්ෂා කිරීම ඔබගේ වගකීමක් විදියට මම පෙන්වා දෙනවා. ඔබගේ කාර්යභාරය ව්‍යවස්ථානුකූලව ස්ථාවර නියෝග වලට අනුව කටයුතු කිරීමට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.
මන්ත්‍රී රවුෆ් හකීම් මහතා :
නවකතානායකවරයාට සුභ පැතුම් පිරිනමනවා. සමානුපාතික ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යෑමට සංශෝධන කළ යුතුයි. සුළු පක්ෂවලට අවස්ථාව ලැබෙන්නේ ඒ ක්‍රමය තුළිනුයි. ආණ්ඩු පක්ෂය වගේම විපක්ෂයත් ඔබතුමාගේ රැකවරණය බලාපොරොත්තු වෙනවා