කඳුකරයේ දියඇලි හැඩවෙයි


(ශාන්ත චන්ද්‍රසිරි)

මධ්‍යම කඳුකර  ප්‍රදේශ ආශ්‍රිතව  පවතින අධික වර්ෂාව තත්ත්වය හේතුවෙන් කඳුකරයේ පිහිටි ලොකු කුඩා සියලුම දිය ඇලි ජලයෙන් පිරී  ඉතාමත් සුන්දර දසුන් මවමින් මේ දිනවල   කඩා හැලෙමින් පවතී.
 
දිය ඇලිවල මෙසේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන්  වෙනත් දිනවලට වඩා දිය ඇලි විවිධාකාර  හැඩතල  මවමින්  කඩා හැලෙමින් පවතින අතර, ඉන් පරිසර පද්ධතියට අපුරු සුන්දරත්වයක් එක්ව  තිබේ.
 
 මධ්‍යම කඳුකරයේ දිය ඇලි ජලයෙන් පිරී පවතින වෙනත් දිනවල එහි සුන්දරත්වය නැරඹීම සඳහා දෙස් විදේස් සංචාරකයන් එම දිය ඇලි නැරඹුම් මධ්‍යස්ථාන අවට විශාල ප්‍රමාණයක් ගැවසෙන මුත් කොව්ඩ් 19 හේතුවෙන් මේ වනවිට එම දිය ඇලි අවට කිසිඳු  දෙස් විදෙස් සංචාරකයෙකු දැකිය නොහැකි බව දිය ඇලි  අවට පදිංචිකරුවෝ පවසති.