(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
හර්ෂගෙ පාර්ලිමේන්තු කතාව ඇහුණු විට තමාට පණ්ඩිත් අමරදේවයන්ගේ පෙර දිනයක මා පෙම් කළ යුවතිය සිය පුතු නලවනවා යන සින්දුව මතක් වූ බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේදී පැවසීය.
"මේ අයවැය රටේ ඓතිහාසික අයවැයක් බවට පත්වනවා නොඅනුමානයි. නිෂ්පාදන ආර්ථිකය බිඳවැට්ට වූ දශක හය වෙනුවට ග්‍රාමීය දුප්පත්කම තුරන් කළ නිෂ්පාදන ආර්ථිකයක් කරා යන අයවැයක් අප ඉදිරිපත් කර තිබෙනවා. මේ තත්ත්වය හමුවේ විපක්ෂය අද හොල්මන් වෙලා. අපේ සාර්ථක අයවැය දරාගන්න බැරි වීමට හේතුව කුහක කම මිසක් වෙනත් දෙයක් නොවේ.
මෑත ඉතිහාසයේ මෙතෙක් සිදු වූ වැඩිම වැටුප් වැඩි වීම රාජ්‍ය සේවකයා වෙත ලබා දී තිබෙනවා.වසර නවයකින් රාජ්‍ය සේවකයාගේ මූලික වැටුප වැඩි වී තිබුණේ නැහැ.