කම්කරුවන් රැකියාවට ගිය කම්කරු දිනයක්


ලෝක කම්කරු දිනය අදට යෙදී ඇත.  එහෙත් රටේ පවතින කොරෝනා වයිරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මෙවර ශ්‍රී ලංකාවේ කිසිදු පක්ෂයක් මැයි දින සැමරුම් උත්සව සංවිධානය නොකළ අතර  කොළඹ හා තදාසන්න්න ප්‍රදේශවල කම්කරුවෝ සුපුරුදු පරිදි අදත් (01) සිය රාජකාරි වල නිරතවන ආකාරය දැකගන්නට ලැබිණි.

එදා  ධනේෂ්වර පංතියට එරෙහිව  කම්කරු පිරිසක් පැය 8 කට තම වැඩමුරය සීමා කරන ලෙස ඉල්ලමින් 1988 මැයි 01 වැනි දා චිකාගෝ නුවරට එක්වූහ. එම වැඩවර්ජනයේ දී කම්කරුවන් 4 දෙනෙකු මිය අතර තවත් කම්කරු නායකයින් අත්අඩංගුවට පත් විය.

එම අරගලයේදී පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ද මිය ගියහ. එම කම්කරු අරගලයේ කම්කරු අයිතීන් වෙනුවෙන් රුධිරය වැගිරූ තම සගයින් සාදාතනිකව සිහිකිරීමට 1889 වසරේ රැස්වූ ජාත්‍යන්තර කම්කරු සංවිධානය තීරණය කළේය.  ඒ අනුව සෑම වසරක මැයි 01 වැනි දා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍ර‍කාශයට පත්විය.

ලංකාවේ ප්‍රථම වරට කම්කරු දිනය සැමරුවේ 1927 වසරේය. ලංකා ඉතිහාසයේ පළමු මැයි රැළිය 1933 කොළඹ ප්‍රයිස් පිටියෙන් ආරම්භ වී ගාලු මුවදොර පිටියෙන්  අවසන් විය.  1956 දී මැයි දිනය ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ  නිවාඩු දිනයක් ලෙස නම් කර තිබේ.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)