කරටකර සටන ඇරැඹේ


විමුක්ති එස් රොද්‍රිගු
(කොළඹ මැරියට් හෝටල පරිශ්‍රයේ සිට)
 
ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම මේ වනවිට සිදුවෙමින් පවතින අතර, අපේක්ෂා කළ අන්දමට, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා කමලා හැරිස් අතරේ කරටකර සටනක් පැවැත්වෙයි.

ජනපද මට්ටමින් ප්‍රතිඵල නිකුත් වෙද්දී ඇතැම් ජනපද ට්‍රම්ප් විසින් ද ඇතැම් ජනපද කහලා හැරිස් විසින් ද දිනා ගනු ලැබ ඇත. එයින් ද මේ මොහොත වෙද්දී ට්‍රම්ප් ඉදියෙන් සිටින බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඇමෙරිකන් තානාපතිනී ජුලී චංග් මහත්මිය ද ඇතුළු ඇමෙරිකන් තානාපති කාර්යාල නිලධාරීන්ගේ මැදිහත් වීමෙන්, ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් ‘ඉලෙක්ෂන් වොච්’ නමින් මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් කොළඹ මැරියට් කෝට්යාඩ් හෝටලයේ දී පැවැත්වෙයි.

මෙරට මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීන් ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් මේ මොහොතේ ප්‍රතිඵල නිකුත් කිරීමේ ඒ සජීවී අවස්ථාව සමඟ එක් වී සිටිති.