කරන්දෙණියේ පොඩි ගොවිරාළලා කුඹුරට බසිති



(එම්. සුසිල් ප්‍රියන්ත)
         
කරන්දෙණිය බන්දුල සේනාධීර විද්‍යාලයේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසු දරුවන් පිරිසක් අක්කරයක වපසරියකින් යුතු කුඹුරක් අස්වද්දවීමට කටයුතු කර ඇත.

ඔවුන් අස්වද්දා තිබුණේ විදුහලට අයත්, වසර 23ක් පුරන් වී ගිය කුඹුරකි. 1996 වසර වනතෙක් මෙම කුඹුර ගොවීන් විසින් අස්වද්දා තිබූ අතර, පසුව එය වල් බිහි වී පුරන් වී තිබිණි.
 
වල් බිහිවී, වනාන්තරයක් බවට පත්ව තිබූ කුඹුර එළිපෙහෙළි කළ මෙම සිසුවෝ කුඹුරු කෙටූ පළමු සිසු පිරිසද වෙති.
 
මේ වැඩසටහනේ නියමුවා වූයේ විදුහලේ චිත්‍ර විෂය භාර ගුරු මාලක  විජේසේකර මහතාය.
            
ගොවියන් ලෙස සැරසුණු සිසුන් කුඹුරු කෙටූ අතර, සිසුවියෝ ගෙවිලියන් ලෙස සැරසී පැමිණ සිටියහ. කුඹුරේ වප් මගුල් උත්සවයද පැවැත්විණි.