කරුත් මැතිවරණ සටනෙන් ඉවත්වෙයි


(සුජිත් හේවාජුලිගේ සහ නිමල කොඩිතුවක්කු)

මෙවර මහ මැතිවරණය වෙනුවෙන් සමඟි ජන බලවේගයේ රත්නපුර ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබ සිටි  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතාද මැතිවරණ සටනෙන් ඉවත් විය.

මේ හේතුවෙන් ඉදිරි මහ මැතිවරණයේදී තමන්ට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතා ප්‍රකාශ කරන්නේ තම පක්ෂය වන එක්සත් ජනරජ පෙරමුණ හා සමගි ජන බලවේගය අතර අත්සන් කෙරුණු ගිවිසුම කඩවීම පදනම් කරගෙන තමා අපේක්ෂක ධූරයෙන් ඉවත්වන බවයි.