(පද්මසිරි ගාර්දියවසම්)
හුංගම පොලිස් වසම තුළ පිහිටි කලමැටිය කලපුවේ මසුන් ඇල්ලීමට ගිය ධීවරයෙකුගේ මළසිරුර දියේ ගිලී තිබියදී සොයාගත් බව පොලිසිය පැවසීය.
මියගිය අය තමාට අයත් ඔරුවකින් තනිවම අද (16) උදේ 5.30 ට පමණ කලපුවේ මසුන් ඇල්ලීමට පිටව ගොස් ඇතැයි පොලිසිය පැවසීය.
ධීවරයා මියයාමට හේතුව අනාවරණය කරගැනීමට හුංගම පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ .