කල්පිටිය මුහුදේ ඩොල්පින් රැඟුම්


(එච්.චන්දන)

පුත්තලම - කල්පිටිය අර්ධදීපයේ  මුහුදු තීරයේ  මේ දිනවල ඩොල්පින් මසුන්ගේ රැගුම් දැක බලා ගැනීමට හැකි බව සංචාරක මග පෙන්වන්නෝ පවසති.

ඉකුත් සති අන්තයේ ඩෝපින් නැරඹීමට විශාල දෙස් විදෙස් සංචාරකයින් පිරිසක් පැමිණ සිටියහ.

කල්පිටියේ සිට නොරොච්චෝලේ දක්වා  මුහුදු තීරයේ බොට්ටුවකින්  මද දුරක් ගිය විට මෙම ඩොල්පින් මසුන්  දැක ගත හැකිවේ. 

ඩොල්පින් රංචු ලෙස හා තනි තනියෙන්ද  මහ මුහුදේ විවිධ ස්ථානවල සැරිසරන අයුරු ඡායාරූපවලින් දැක්වේ.