කල්පිටියේ කොරල්පර මවනා සුන්දර රටා


(පද්මා කුමාරී කංකානම්ගේ )

කල්පිටිය සංචාරක පුරවරයේ,කන්දකුළිය මුහුදු තීරයේ නව කොරල් පරයක් ස්වාභාවිකව ජීවය ලබමින් සිටින බව පරිසරවේදීහු  පවසති.

ඉකුත් කොරෝනා සමයේ සුවසේ සහ නිදැලේ මෙම කොරල් පරය සුන්දර රටා සමූහයක් නිමාණය කර ඇත.

තවමත් සංචාරක ඇස නොගැටුණු මෙම සුන්දර පරය පිළිබදව වණ ජීවී දෙපාර්තුමේන්තුවේ කල්පිටිය ජ්‍යෙෂ්ඨ අඩවි ආරක්ෂක මංජුල මොරතැන්න මහතාගෙන් විමසූ වෙමු. ඒ මහතා පැවසුවේ දැනට කල්පිටියේ ප්‍රධාන කොරල් පරය වන,වැලි පර සමුදුරු අභය භූමිය හෙවත් බාර්පරයට අමතර මෙම පරය කන්දකුලිය සයුරේ පිහිටා ඇති බව ය.හෙක්ටයාර හතරක පමණ භූමි භාගයක් පැතිරී ඇති මෙම බරයේ විශේෂත්වය එය සවභාවිකව ජීවය ලබමින් සිටීමයි.