කලාපොළ 2020 ඇරඹේ


ජෝන් කීල්ස් සමූහයේ සහයෝගීතාව ඇතිව ජෝර්ජී කීට් පදනම සංවිධානය කරන ‘කලාපොළ 2020’ එළිමහන් කලා සල්පිල  කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේදී අද  (23) පෙරවරුවේ ආරම්භ විය.

මෙරට පැවැත්වෙන විශාලතම එළිමහන් කලා සල්පිල ලෙස සැලකෙන කලාපොළ අද රාත්‍රී 8.00 දක්වා පැවැත්වීමට නියමිතය.

ජෝර්ජ් කීට් පදනමේ සංකල්පයක් මත මුල් වරට ‘කලාපොළ’ කලා සල්පිලක් පවත්වන ලද්දේ 1993 වසරේදීය. ඊට කලාකරුවෝ 30 දෙනෙක් සහභාගී වූහ.

එතැන් සිට ජෝන් කීල්ස් සමූහයේ වසර 25 නොබිඳුණු අනුග්‍රහය යටතේ කලාපොළ පැවැත්වේ. ශ්‍රී ලංකාවේ විශාලතම එළිමහන් කලා අලෙවි ප්‍රදර්ශනය ලෙස ද සැලකෙන කලාපොළට දෙස් විදෙස් චිත්‍ර ශිල්පීහු සහ මූර්ති ශිල්පීහු විශාල පිරිසක් සහභාගී වෙති.

පසුගිය වසරේදී ද කලාපොළ, කලා සල්පිලක් පැවැති අතර එය නැරැඹීම සඳහා 31,000කට වැඩි පිරිසක් එක්ව සිටියහ. කලාකරුවන් 350 කට වැඩි පිරිසක් කලාපොළට ඔවුන්ගේ නිර්මාණ එක් කර තිබූ අතර දරු දැරියන් 235 කට වැඩි පිරිසකට ද කලාපොළට ඔවුන්ගේ නිර්මාණ ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබිණි.

මෙවර කලාපොළට ද දිවයිනේනන් දෙසින් කල්කරුවන් හා කලාවට හිතවත් පිරිස් පැමිණෙනු ඇතැයි සංවිධායක මඬුල්ල අපේක්ෂා කරයි.

කලාපොළ නැරැඹීම සඳහා මහජනතාවගෙන් කිසිදු මුදලක් අය නොකරයි.

මේ වසරේදීද කලාපොළට සහභාගී වන කලාකරුවන්ගෙන් අයඳුම්පත් කැඳවීම ඩිජිටල්කරණය කර තිබූ අතර ඊට අයඳුම්පත් 370 ක් පමණ ඉදිරිපත් ව තිබිණි.

මේ අතර කලාපොළට අමතරව ජෝන් කීල්ස් පදනම ‘ශ්‍රී ලංකන් ආට්ගැලරි’ ඩිජිටල් චිත්‍රාගාරය ද පවත්වාගෙන යයි.

055