කලාවැව අවුකන මාර්ගයේ ගමනාගමන කටයුතු අදත් නවතී


(කුෂාන් ජයවර්ධන)  

 

කලාවැව අවුකන මාර්ගයේ ගමනාගමන කටයුතු අදත් ඇණහිට තිබේ. කලාවැවේ වාන්දොරටු විවාත කිරීමත් සමඟ කලාඔය අවුකන විහාරස්ථානය අසළදී පිටාර ගැලීමෙන් මෙම තත්ත්වය ඇතිවී ඇත.

ධාරානිපාත වර්ෂාවත් සමඟ කලාවැවේ හදිසි වාන්දොරටු විවාත කිරීම සිදුකර තිබිණි. ඒ සමඟ කලාඔය අවුකන ප්‍රදේශයේ දී පිටාර ගැලීම සිදුව තිබිණි.

ඊයේ (1) මධ්‍යම රාත්‍රිය වනතෙක් අඩි 9ක් බැගින් විවෘත කර තිබූ කලාවැවේ හදිසි වාන් දොරටු මේ වනවිට අඩි 05ක් දක්වා පහත දැමීමට කලාවැව කාර්යභාර ඉංජිනේරු කාර්යාලය පියවර ගෙන ඇත.

ඒ අනුව මේ වනවිටත් තත්ත්පරයට ඝණ අඩි 4900 ක් පමණ ජල ධාරිතාවයක් තවදුරටත් කලාවැවෙන් කලාඔයට මුදා හැරෙමින් පවතී.