කලාවැව සිසු දරුවෝ ඔන්ලයින් කරන්න වල් අලි ගැවසෙන කැලයට යති


(කාංචන කුමාර ආරියදාස)

කලා වැව දියවර ගම්මානයේ බොහෝ දරුවන්ට අන්තර්ජාල  පහසුකම් නිසි ලෙස නොලැබීම නිසා අධ්‍යාපන කටයුතු සිදුකර සිදුකර ගැනීමට කලාවැව ඉස්මත්තේ ඇති වන අලි ගැවසෙන වන ලැහැබ්කට යාමට සිදුවී ඇතැයි මාපියෝ පවසති .

නිවෙස් වල සිට විශාල දුර බැහැරක් ගෙවා මෙම දරුවන් මෙන්ම එම ප්‍රදේශයේ සිට පාසල් දරුවන්ට අන්තර්ජාල හරහා ඉගැන්වීම් කරන ගුරුවරුන්ට ද මෙම වන ලැහැබ්ට පැමිණ ඉගැන්වීම් කටයුතු සිදු කරන බව ද මව්පියෝ කියති.

එමෙන්ම දැඩි ආර්ථික දුෂ්කරතා මැද ජීවත්වන පවුල්වල දරුවන්ට අන්තර්ජාල පහසුකම් ලබා ගත හැකි දුරකථන නොමැති නිසා අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම අඩාවූ පිරිස් ද මෙම ප්‍රදේශවල සිටින බව ජනතාව පවසති.

එක දුරකථනයකින්  කුඩා දුවා දරුවන් තුන් හතර දෙනා එකට එක් වී සිය අධ්‍යාපන කටයුතු සිදු කරන ආකාරයද දැක ගැනීමට හැකි විය.