කලාවැවේ වාන් දොරටු 2ක් අඩි 6ක් දක්වා ඉහළට


(කුෂාන් ජයවර්ධන)

ඇද හැලුණු වැසි තත්ත්වයත් සමඟ කලාවැවේ හදිසි වාන් දොරටු දෙක අඩි 5ක මට්ටමේ සිට අඩි 6 දක්වා තවත් ඉහළට විවෘත කිරීමට කලාවැව කාර්යභාර ඉංජිනේරු කාර්යාලය අද (08) පියවර ගෙන තිබේ.

කලා වැවේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ කලා ඔයේ ජල මට්ටම ඉහළ යාම නිසා කලාවැව - අවුකන මාර්ගය, අවුකන විහාරස්ථානය අසල ජලයෙන් යටවී තිබේ. මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය ද සම්පුර්ණයෙන්ම ඇණහිට ඇත.