(සුමිත් පොතුපිටිය)
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පරිපාලන නිළධාරීයා එම පැමිණිල්ල කර ඇත
ප්‍රධාන ගොඩනැගිල්ලට යාබදව පිහිටී ජල ටැංකියට මෙම රසායනික ද්‍රව්‍යය කලවම් වී ඇති බව සදහන් වේ.
මේ පිළිබඳව අදහස් දැක්වූ උසස් නිළධාරීයෙක් සදහන් කලේ , ජල ටැංකියට කිසියම් තීන්ත වර්ගයක් කලවම් වී ඇති බව පෙනීයන බැවින් , සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර ඇති බවය. මුලික පරීක්ෂණ කටයුතු නිමාවෙන් පසු මෝටරයක් යොදා පිරිසිදු කිරීමට පියවර ගන්නා බවත් හෙතෙම සදහන් කලේය.
විශේෂ පොලිස් කණ්ඩායමක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණ පරීක්ෂණ ආරම්භ කළ බවද දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රකාශකයෙක් පැවසීය .