කළුතර කලපුව අපද්‍රව්‍යවලින් පිරෙයි


මහා ගංවතුර අසුව කළු ගඟ දිගේ ගලා ආ ප්ලාස්ටික් බෝතල් ඇතුළු ඉවත ලන අප ද්‍රව්‍යවලින්  කළුගං කලපුවේ මෝය අවහිර වන සේ තැන්පත්ව ඇති අයුරු අප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිනි,

මිනිස් ක්‍රියාකාරකම්වලින් ඉවත ලද ද්‍රව්‍ය මෙන්ම දිරාගිය අතුරිකිලිවලින් කලපුව සම්පූර්ණයෙන්ම පාහේ වැසිගොස් ඇතැයි ධීවරයෝ පවසති.

මේ ආකාරයෙන් දින ගණනක් මෙම අපද්‍රව්‍ය කලපුවේ තිබුණහොත් කලපුව අපවිත්‍ර විමේ අවදානමක් ඇතැයි ද ධීවරයෝ පෙන්වා දෙති.

(සුනිල් එස් තන්ත්‍රිආරච්චි)