කළුතර මුහුද ගොඩගලයි


(සුමිත් පොතුපිටිය) 

කළුතර උතුර ප්‍රදේශයේ   අද(16)  උදැසන මුහුද ගොඩගැලීමක් සිදුව ඇති බව කළුතර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකක කාර්යාලය සදහන් කරයි .

කළුතර කැලිඩෝ වෙරළ තීරය ආසන්නයේ කිලෝමීටරයටක ආසන්න දුරක  නිවාස 200 කට ආසන්න ප්‍රමාණයක්, සංචාරක නිවාඩු නිකේතන රැසක්ද , කළුතර මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ වැඩ ඒකක පරිශ්‍රය සහ අතුරු මාර්ග රැසක්ද  මුහුදු ජලයෙන් යටවී ඇති අයුරු දැකගත හැකිවිය .