( ටී.කේ.ජී.කපිල )
අපිට එහිදී අවසාන මහා තරගය ක්රීඩා කරන්න ලැබුණෙ " ස්ලෝ විකට්ටුවක්"ඒ වගේම අපි බැට් කරන කොට , පවර් ප්ලේ අවස්ථාව වනවිට අපේ මුල් පෙලේ ක්රීඩකයින් 04 දෙනෙකුම දැවී ගියා . අපි රැස් කළ ලකුණු ප්රමාණවත් උනේ නැහැ. නමුත් අපේ පන්දු යවන්නෝ හොදට බෝල් කළා යැයි ශ්රී ලංකා "' ඒ " ක්රිකට් කණ්ඩායමේ නායක නුවනිදු ප්රනාන්දු අද(29 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය .
මෙම නැගී එන කණ්ඩායම් අතර ආසියානු ශූරතා තරගාවලිය ඕමානයේ මස්කට් නුවර පවත්වා තිබූ අතර එහිදී ශ්රී ලංකා " ඒ "' අනුශූරතාවය දිනා ගැනීමට සමත් වී තිබුණි .මෙම ශ්රී ලංකා කණ්ඩායම අද(29) උදෑසන 08.15 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් පිළිගැනීම සදහා ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .