දේශීය ප්‍රජාව වෙත සහය දීමට සහ තිරසාර ආර්ථික වර්ධනය දිරිගැන්වීමට කටයුතු කරන HSBC බැංකුව එහි තවත් එක් පියවරක් වශයෙන්, ලංකා ජාතික සර්වෝදය ශ්‍රමදාන සංගමය (LJSSS) සමග හවුල්කාරිත්වයක් ඇති කරගත් බව පසුගියදා ප්‍රකාශ කළේය.
සර්වෝදය ව්‍යාපාරය යනු, රටේ කාන්තා ව්‍යවසායකයන් සහ කොන් කෙරුණු ප්‍රජාව බලගැන්වීමට ඇප-කැප වී කටයුතු කරන සංවර්ධන සංවිධානයකි. මෙම නව හවුල්කාරිත්වය යටතේ 2023 ජූලි මාසයෙන් ඇරඹෙන දෙවසරක ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 40ක් ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන බව HSBC බැංකුව ප්‍රකාශ කර ඇත. ව්‍යාපෘතියෙහි ඉලක්කය වන්නේ, රටේ පළාත් පහක සිටින කාන්තා ව්‍යවසායකයන් විසින් මුහුණ පා ඇති විශේෂිත අභියෝග සම්බන්ධයෙන් නිසි කටයුතු කිරීමට සහ ඔවුන්ගේ ව්‍යාපාරවල වර්ධනයට සහය සැලසෙන වාතාවරණයක් නිර්මාණය කිරීමයි. සර්වෝදය ව්‍යාපාරයේ සංවර්ධන හස්තය සඳහා වන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) සර්වෝදය ෆියුෂන් (Fusion) හරහා මෙම වැඩසටහන ක්‍රියාවට නංවනු ඇත.
මෙකී හවුල් වැඩපිළිවෙළ මගින් කාන්තා-මූලික, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වෙත පූර්ණ සහය සහ පුහුණුව ලබාදීම සිදු කෙරෙනු ඇත. ඒ සඳහා, බස්නාහිර, නැගෙනහිර, උතුරුමැද සහ උතුරු හා දකුණු පළාත්වල විවිධ කර්මාන්ත සහ ක්ෂේත්‍රවල නියැලුණු කාන්තා-මූලික ව්‍යවසාය තෝරා ගනු ඇත. එකී කාන්තා ව්‍යවසායකයන්ට සිය ව්‍යාපාරික ඥානය වැඩිදියුණු කරගැනීමට ලබාදීමටත්, තිරසාර වර්ධනය කෙරෙහි ඔවුන් තුළ උනන්දුව ඇතිකිරීමටත් මෙම වැඩසටහන මගින් ඉලක්ක කෙරෙයි.
HSBC ශ්‍රී ලංකා සහ මාලදිවයින්හි ප්‍රධාන විධායක නිලධාරී, මාර්ක් සර්ජනර් මහතා මෙම හවුල්කාරිත්වය පිළිබඳව සිය අදහස් දක්වමින් මෙසේ පැවැසීය. “ශ්‍රී ලංකාව පුරා විසිර-පැතිර සිටින කාන්තා ව්‍යවසායකයන් බලගන්වමින් සහ අවශ්‍ය සහය සලසමින්, සැබෑ වෙනසක් ඇති කළ හැකි මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් LJSSS සමග එක්ව කටයුතු කිරීමට ලැබීම අපට ඉමහත් ආඩම්බරයක්. HSBC හි අප අවස්ථාවන් සපිරි ලොවක් විවර කරන්නට පෙරමුණ ගෙන ඇත්තේ අපගේ පාරිභෝගිකයන්ට සහ ව්‍යාපාරවලට පමණක්ම නොවේ, අපගේ මෙහෙයුම් කටයුතු සිදු වන ප්‍රජාව වෙත ද එම අවස්ථාව සැලසීමට අප නිරන්තරයෙන්ම ඉදිරිපත් වෙමු. කාන්තා-මූලික ව්‍යවසාය තුළ පවත්නා හැකියාවන් වෙත ආයෝජනය කිරීම මගින් කාන්තා ව්‍යවසායකයන්හට අවශ්‍ය දැනුම හා ව්‍යාපාරික ඥානය ලබාදෙමින් සහ අවශ්‍ය මෙවලම් හා සම්පත් සපයමින් ඔවුන් බලගැන්වීම මගින්, දරිද්‍රතාව අවම කිරීමට, රැකියා අවස්ථා නිර්මාණයට මෙන්ම සමස්ත සමාජ ආර්ථික සංවර්ධනයට ද අත-හිත දෙමින්, රටේ ආර්ථික වර්ධනයටත් දායක විය හැකි බව අප විශ්වාස කරනවා.
ධාරිතා-ගොඩනැංවීමේ වැඩමුළු මාලාවක්, උපදේශකත්ව වැඩසටහන්, සහ ඒ ඒ ක්ෂේත්‍රවලට ගැළපෙන අන්දමින් සකසන ලද පුහුණු සැසි හරහා මූල්‍ය කළමනාකරණය, අලෙවිකරණ ක්‍රමෝපාය, නිෂ්පාදන සංවර්ධනය සහ වෙළෙඳපොළ වෙත ප්‍රවේශය ඇතුළු විවිධ ව්‍යවසායකත්ව පැතිකඩ වෙත අවධානය යොමු කිරීම මෙම ව්‍යාපෘතිය මගින් සිදු කරනු ඇත.
ශ්‍රී ලංකාවේ කාන්තාවන් බලගැන්වීම, ආර්ථික ඇතුළත් භාවය සහ සමාජ සංවර්ධනය වෙනුවෙන් HSBC සහ සර්වෝදය ව්‍යාපාරය සතු පොදු කැපවීම මෙම හවුල්කාරිත්වය තුළ මනාව පෙන්නුම් කෙරෙයි. කාන්තා මූලික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් බලගැන්වීම මගින් මෙම වැඩපිළිවෙළ ඉලක්ක කරන්නේ, රටේ සමස්ත ආර්ථික ප්‍රගතිය වෙත මහඟු දායකත්වයක් සපයන, ව්‍යවසායකත්වයට දිරිදෙන අගනා පසුබිමක් සැකසීමටයි.
කාන්තා ව්‍යවසායකයන් බලගැන්වීම මගින් ආර්ථික වර්ධනයේ දියුණුව පමණක් නොව පවුල් සංස්ථා, ප්‍රජාව සහ සමස්තයක් හැටියට මුළු මහත් සමාජය තුළම ජීවයෙන් පිරුණු, ධනාත්මක රැල්ලක් ඇති කළ හැකි බවට HSBC සහ සර්වෝදය ව්‍යාපාරය තුළ පොදු විශ්වාසයක් ඇත.
595