කාබනික පොහොර දෙන්න හමුදාවත් පෙරමුණට


(ඉන්දිකා රාමනායක, සිතුම් චතුරංග සහ රොමේෂ් මධුෂංක)

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය  පලාලි යුද හමුදා ගොවිපොළ කේන්ද්‍ර කරගනිමින් කාබනික පොහොර නිෂ්පාදනය ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව හමුදාව පවසයි.

2021 මහකන්නයට අවශ්‍ය කාබනික පොහොර ටොන් 3600 ක් නිෂ්පාදනය කිරීමේ මෙම ව්‍යාපෘතියේ අරමුණ බවද හමුදාව කියයි.

වස විස නොමැති කෘෂි කර්මාන්තයක් ගොඩනැගීමේ අරමුණින් රජය විසින් ගෙන යන වැඩපිළිවෙලට දිරි ගැන්වීමක් ලබාදමින් ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මත යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පි‍්‍රයන්ත පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැඩපිළිවෙල ආරම්භ කර ඇති බවද හමුදාව පවසයි.

මෙම ව්‍යාපෘතියේ කොටසක් වශයෙන් කාබනික පොහොර භාවිතයේ ඇති වාසි සම්බන්ධයෙන් ප‍්‍රජාව දැනුවත් කිරීම සිදු කරන බවත්, කාබනික පොහොර නිෂ්පාදනය සම්බන්ධයෙන් දේශිය ගොවීන්ට අවශ්‍ය තාක්ෂණික සදහයද හමුදාව විසින් ලබා දෙන බවද හමුදාව සදහන් කරයි.