කාබනික පොහොර හදන්න මහ සඟරුවනත් වඩිති


(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

කාබනික පොහොර නිපදවීම සම්බන්ධයෙන් ගොවීන් දැනුම්වත් කිරීමේ වැඩ සටහනක් වලව්වත්ත ගොවිපල භූමියේදී අද පැවැත්විණි.

බාදුරාගොඩ මහසෙන් ගොවි සංවිධානය සංවිධාන කළ වැඩසටහනට කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමියෝ ද එක් වූහ.

කෘෂිකර්ම නිලධාරීන්  ප්‍රදේශයේ ගොවීන් විශාල පිරිසක් මෙහිදී කාබනික පොහොර නිපදවීම සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට පියවර ගනු ලැබීය. මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරත්න හිමියෝ මෙහිදී පැලයක් සිටුවා ජාතික කර්ත්‍යවයක ආරම්භක අවස්ථාව සනිටුහන් කරනු ලැබීය.