කාබනික පොහොරවලින් සාර්ථක ලොකු ලූනු වගාවක්


(කාංචන කුමාර ආරියදාස)

කාබනික පොහොර යොදා සාර්ථක ලොකු ලූණු වගා කරන ගොවි මහතකු මහවැලි කලාපයට අයත් මඩාටුගම කුඩා ඇලගමුව ප්‍රදේශයෙන් අපට හමු විය. 

මෙම දේශීය ලොකු ලූනු ගොවියා වූ ජේ.එම් .කේ. වික්‍රමසිංහ මහතා කියා සිටියේ තමන් දේශීය ලොකු ලූනු වගාවට අමතරවව කහ සහ ඉගුරු වගාව ද සියයට සියයක් කාබනික පොහොර යටතේ වගා කළ බවයි.

අත්හදා බැලීමට සමග තම දේශීය ලොකු ලූනු වගා බිම් ලියදු හතරක් හැර අන් සියල්ල කාබනික පොහොර යටතේ වගා කළ බවත් .ලියදු හතරක් රසායනික පොහොර යොදාගෙන වගා කිරීම සිදු කළ බවත්  අත්හදා බැලීම ඉතා සාර්ථක බවත්බ වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

දැනට තම කාබනික වගා බිම් ඉතා සාර්ථකව ලොකු ලුනු පැල පවතින බවත් රසායනික පොහොර යොදා වගා කරන බිම්ට  වඩා වෙන අලංකාර පෙනුමක් කාබනික ලූනු  වගාව  තුළ දක්නට තිබෙන බවත්  තනකොල මර්දනය සඳහා  තණකොළ ගලවා  දැමීම සිදුකරන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

ලොකු ලූනු වගාවේ බරපතළම ප්‍රශ්නය  තනකොල මර්දනය බවත් ඒ සඳහා යම් ක්‍රමවේදයක් හෝ තණකොළ මර්දනයට යම්කිසි ද්‍රව්‍යයක්  සොයා ගැනීම සිදු කළ යුතු බවද වික්‍රමසිංහ ගොවි මහතා පැවසීය

එසේ නොමැති වුවහොත් විශාල ලොකු ලූනු වගාවන්වල තණකොළ ගැලවීම සඳහා විශාල මුදලක් වියදම් යන බවත් පෙන්වා දුන්නේය.

තමන්ගේ රසායනික පොහොර යොදා  සිදුකරන ලියදි 4ට වඩා වැඩි  සාර්ථකත්වයක් දැනටමත් කාබනික ලොකු ලූනු වගාවේ පෙන්නුම් කරන නිසා මෙම කාබනික ලොකු ලූණු වගාව සාර්ථක වනු ඇතැයි තමන් විශ්වාස පළ කරන බවද දේශීය ලොකු ලූනු ගොවියා වැඩිදුරටත් කියා සිටියේය.