ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරින් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගෙන් තුනෙන් දෙකක් වාර්තා වන්නේ වෛද්‍යවරුන් සහ අනෙකුත් සෞඛ්‍ය කාර්යමණ්ඩලවලින් යැයි එරට ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය බලධාරීහු දෙදෙනක් රොයිටර්ස් පුවත් සේවයට ප්‍රකාශ කර ඇත.
යුද්ධයකට මැදිව තිබෙන ඇෆ්ගනිස්තානය නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයට මුහුණ දීමේදී දැඩි අර්බුදයකට මුහුණ පා ඇත. ‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ දැවැන්ත සෞඛ්‍ය අර්බුදයක් නිර්මාණය වනු ඇතැයි විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කර තිබිණි.
වෛද්‍යවරුන්ට සහ අනෙකුත් සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට කොරෝනා වයිරසය ආසාදනය වීමට ප්‍රධානතම හේතුව ප්‍රමාණවත් ආරක්ෂිත උපකරණ නොමැති වීමත් වයිරසයෙන් ආරක්ෂා වීමට ගත යුතු පූර්ව සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග මොනවාදැයි යන්න සම්බන්ධයෙන් වෛද්‍ය කාර්යමණ්ඩල අතර ප්‍රමාණවත් අවබෝධයක් නොමැති වීමත් යැයි බලධාරීහු කීහ.
සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ට නව කොරෝනා වයිරසය ආසාදනය වීමේ ඉහළ අනුපාතය හේතුවෙන් ඇතැම් වෛද්‍යවරුන් ඔවුන්ගේ සායන ද වසා දමා ඇතැයි වාර්තා වේ.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් තවමත් පැහැදිලි තත්ත්වයක් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත් මේ වාර්තා වන්නේ වෛද්‍යවරුන් සහ වෛද්‍ය කාර්යමණ්ඩලවල කොටසකගේ තත්ත්වයක් පමණක් බවත් ඇෆ්ගනිස්තාන වාර්තා සඳහන් කළේය.
සුළු අසනීප තත්ත්වයක් පෙන්නුම් කළද සෞඛ්‍ය කාර්යමණ්ඩල වෛද්‍ය පරීක්ෂණවලට යොමු කිරීම ඊට ප්‍රධානම හේතුව යැයි ද එරට වාර්තා සඳහන් කළේය.
පරීක්ෂණ කට්ටල සීමිත නිසා ඇෆ්ගනිස්තානයේ කොවිඩ්-19 පරීක්ෂණ කෙරෙන්නේ ඉතා අඩුවෙනි. උණ අධික සහ ස්වසන අපහසුතා අය පමණක් තෝරාගෙන එසේ පරීක්ෂණවලට යොමු කරයි.
කාබුල් අගනුවරින් පසුගිය බ්‍රහස්පතින්දා (7) වනවිට කොරෝනා ආසාදිතයන් 925ක් හඳුනාගෙන තිබූ අතර ඉන් 346 දෙනකු වෛද්‍ය කාර්යමණ්ඩලවල සාමාජිකයන් යැයි රජයේ සෞඛ්‍ය නිලධාරියෙක් සහ ඇෆ්ගනිස්තාන වෛද්‍යවරයෙක් පැවැසූහ. ඔවුහු දෙදෙනාම ඇෆ්ගනිස්තාන ආණ්ඩුවේ කොරෝනා වයිරස කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ වෙති.
ඇෆ්ගනිස්තානයෙන් අද (12) පස්වරු 3.30 වනවිට කොරෝනා ආසාදිතයන් 4,687 දෙනකු හමු වී තිබූ අතර කාබුල් අගනුවරින් හඳුනාගෙන තිබූ ආසාදිතයන්ගේ ගණන 1,257ක් විය. එරටින් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ ගණන 122කි. වයිරසය ආසාදනය වී සුව වූ පිරිසගේ සංඛ්‍යාව 558කි.
කොරෝනා වයිරසය හේතුවෙන් ඉකුත් අප්‍රේල් මාසයේදීත් මැයි මස මුල් සතියක කාලය තුළදීත් කොරෝනා වයිරසය හේතුවෙන් ආසන්න වශයෙන් රට විවිධ ප්‍රදේශවල වෛද්‍ය සේවයේ නියුතු වෛද්‍යවරුන් 13 දෙනකු මියගොස් ඇතැයි නම සඳහන් නොකළ බලධාරීහු දෙදෙනක් කීහ.
එම වෛද්‍යවරුන් 13 දෙනාගෙන් නවදෙනකු කාබුල් නුවර පිහිටි රජයේ, පෞද්ගලික සහ හමුදා රෝහල්වලට අනුයුක්ත වෛද්‍යවරුන් යැයි නම සඳහන් නොකළ තවත් සෞඛ්‍ය බලධාරීහු දෙදෙනක් ප්‍රකාශ කළහ.
සෞඛ්‍ය අර්බුදය පාලනය කරගැනීම හැකි සෑම පහසුකමක්ම ලබාදෙන නමුත් ඇති වී තිබෙන සෞඛ්‍ය අර්බුදය විශාල අභියෝගයක් යැයි ඇෆ්ගනිස්තාන ආණ්ඩුව සඳහන් කළේය.
හෙද හෙදියන්ගේ ජාත්‍යන්තර කවුන්සිලය පසුගිය බදාදා (6) කාබුල් නුවරින් වාර්තා වන වෛද්‍ය කාර්යමණ්ඩලවල ආසාදිතයන්ගේ ගණන සහ අනෙකුත් රටවල වෛද්‍ය කාර්යමණ්ඩලවල ආසාදිතයන් හා සැසඳීමක් කර තිබිණි. රටවල් 30ක දත්ත පදනම් කරගනිමින් එම සංසඳනය කර තිබිණි.
ඒ අනුව කාබුල් නුවරින් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාවෙන් සියයට 6ක් වෛද්‍ය කාර්යමණ්ඩලවල සාමාජිකයෝ වූහ.
ඇති වී තිබෙන තත්ත්වයත් අවශ්‍ය පරිදි ප්‍රමාණවත් පහසුකම් නොමැති වීමත් නිසා වෛද්‍යවරු රැසක් ඔවුන්ගේ සායන වසා දමා ඇත.
ඇෆ්ගනිස්තානයේ ජනගහනය මිලියන 37 (ලක්ෂ 370)කි. එහෙත් ඇෆ්ගනිස්තානයට ඇත්තේ රෝහල් 172කි. ඇෆ්ගනිස්තාන රජය 2019 වසරේ නිකුත් කළ වාර්තාවකට අනුව මිනිසුන් 10,000කට වෛද්‍යවරුන් ඇත්තේ සිවුදෙනකු පමණකි.
ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය පද්ධතිය රඳා පවතින්නේ විදේශවලින් ලැබෙන මූල්‍ය ආධාර සහ පරිත්‍යාගවලිනි.
ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය අමාත්‍යවරයාට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි පසුගිය සතියේදී වාර්තා විය.ඇෆ්ගනිස්තාන කොරෝනා වයිරසයට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග රැඳී ඇත්තේ විදේශවලින් ලැබෙන ආධාරවලිනි.
මේ අතර ඇෆ්ගනිස්තානයේ ඇතැම් කොටස් ඇත්තේ තලේබාන් සන්නද්ධ සංවිධාන පාලනය යටතේ ය. එම ප්‍රදේශවල තොරතුරු එක්රැස් කරගැනීම ද දුෂ්කර වී ඇත.
රොයිටර්ස්
055