කාසල්රි - මවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට


(රංජිත් රාජපක්ෂ)                      

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට කඩින් කඩ ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වී ඇති බව ජලාශ භාර ඉංජිනේරු පවසති.

කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 3ක් ද මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 8 ක් ද වශයෙන් ද පවතින බව ජලාශ භාර ඉංජිනේරුවන් කියා  සිටී.

ජලාශවල ජල මට්ටම ඉහළ යාමත් සමඟ කැනියොන් , ලක්ෂපාන , නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව විදුලි බලාගාර ඉංජිනේරු කියති.