කාසල්රී-මාවුස්සාකැලේ ජල මට්ටම පහළට


(රංජිත් රාජපක්ෂ)                       

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පුරා මාස හතරක් තිස්සේ පවතින අධික වියළි කාලගුණයත් සමඟ කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම තවදුරටත් පහළ බසිමින් පවතින බව ජලාශ බාර ඉංජිනේරුවරු පවසති.

ලක්ෂපාන , නව ලක්ෂපාන , කැනියොන් , විමලසුරේන්ද්‍ර , පොල්පිටිය යන ජල විදුලි බලාගාර වලට ප්‍රධාන වශයෙන් ජලය සපයන මවුස්සාකැලේ සහ කාසල්රී යන ජලාශවල ජල මට්ටම පහළ බැසීමත් සමඟ ජලාශ ඉදිකිරිමේදී යට වූ නටබුන් රැසක් මතුවෙමින් පවතී.

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පහළ බැස තිබුණ ද ජල විදුලි බලාගරවල විදුලි උත්පාදනය සීමා කර නොමැති බව විදුලි බලාගාර ඉංජිනේරු සඳහන් කරති.