කැලණි ගඟ පිටාර ගලයි:ගම් රැසක් ජලයෙන් යටවෙයි


(ශාන්ත රත්නායක)

දෙදිනක් පුරා පැවැති තද වර්ෂාවත් සමග කැළණි ගංග පීටර ගැලීම නිසා කඩුවෙල ,බණ්ඩාරවත්ත, බියගම, මල්වාන ඇතුළු ප්‍රදේශ රැසක් ගංවතුරෙන් යට වී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි.

කොළඹ මහනුවර නව මාර්ගයේ කඩුවෙල සිට  බැලුම්මහර දක්වා ස්ථාන රැසක් ජලයෙන්  තිබෙන අයුරු දක්නට ලැබුණි.

මේ හේතුවෙන් ගමනා ගමනයට දැඩි බාධා එල්ල විය.