සෝල්හිදීය (රොයිටර්)
උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ දෙවැනියා මෙන්ම, ඔහුගේ සොහොයුරිය ද වන කිම් යෝ ජොං ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක් කළාය.
ඇමෙරිකාව, දකුණු කොරියාව සමඟ එක් වී දිගින් දිගටම හමුදා අභ්‍යාස පවත්වන්නේ නම්, ඇමෙරිකානුවන්ට සැනසිල්ලේ නිදා ගැනීමට ඉඩක් ලබා නොදෙන බව කිම් යෝ ජොං අනතුරු අඟවමින් පවසා තිබේ.
උතුරු කොරියා නායක කිම් ජොන් උන් සතු පාලන බලතල මේ වනවිට සිය සොහොයුරිය කිම් යෝ ජොං ට පවරා දී තිබේ. කිම් යෝ ජොං සෘජුව ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක් කළ පළමු අවස්ථාව වන්නේ මෙයයි.
උතුරු කොරියාවේ මිතුරු රටවල් සමඟ ද එක් වෙමින්, උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවිහරණයක් සිදු කිරීමට බයිඩන් පරිපාලනය සූදානමින් සිටී.
ඇමෙරිකන් ජනපති ධුරයේ කටයුතු කළ ඩොනල්ඩ් ට්‍රම්ප්, උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවී, ආරම්භ කළ එම න්‍යෂ්ටික අවිහරණ සාකච්ඡා දිගටම පවත්වා ගැනීමට ජෝ බයිඩන් තීරණය කර තිබේ. බයිඩන් පරිපාලනය, සාකච්ඡා සඳහා උතුරු කොරියාවට ඇරැයුම් කළ නමුත්, උතුරු කොරියාවෙන් යහපත් ප්‍රතිචාර ලැබී නැත.
කිම් ජොන් උන්ගේ නැගණිය ඇමෙරිකාවට තර්ජන කරලා
Recommended Articles