කියුබාවේ හවානා අගනුවර, සුඛෝපබෝගී හෝටලයක ප්‍රබල පිපිරීමක් සිදුවිය. පිපිරීමෙන් 22 ක් මියගිය බවත් 50 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් පැවැසෙයි.
පිපිරීම සිදුවූයේ පැරැණි හවානා නගරය යන නමින් හැඳින්වෙන ප්‍රදේශයේ පිහිටි සරගෝටා නමැති තරු පහේ හෝටලයේය.
පිපිරීමෙන් හෝටලයේ මහත් කීපයක් සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
පිපිරීම සිදුවී ඇත්තේ ගෑස් කාන්දුවක් හේතුවෙන් යැයි මේ වනවිට අනාවරණය වී ඇත.
පිපිරුමත් සමඟ කඩා වැටුණු මහල්වල සුන්බුන් අතරේ සිරවූවන් මුදා ගැනීම දිගටම සිදුවෙමින් පවතී.
මියගිය පිරිස අතර ගැබිනි කාන්තාවක සහ කුඩා දරුවන් කීප දෙනකු සිටින බව කියුබන් ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(බීබීසී)