කිරිබත්ගොඩට ඔසුසලක්


(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ රාජ්‍ය ඔසුසල් ජාලයේ 64 වන නව රාජ්‍ය ඔසුසල් ශාඛාව කිරිබත්ගොඩ දී විවෘත කෙරිණි.

ගුණාත්මක ඖෂධ දැරිය හැකි සාධාරණ මිලකට ලබාදීම සඳහා දිවයින පුරා රාජ්‍ය ඔසුසල් ශාඛා ස්ථාපිත කිරීමේ විශේෂ වැඩපිළිවෙළ යටතේ ඔසු සැල් ස්ථාපිත කරන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය මනූජ් සී. වීරසිංහ මහතා කීය.

මෙම රාජ්‍ය ඔසුසල ශාඛාව මගින් ද පළපුරුදු ඖෂධවේදීන්ගේ සේවාව යටතේ, නියම ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක ඖෂධ සාධාරණ මිලකට මිල දී ගැනීමට ජනතාවට හැකියාව ලැබෙන අතර, ඡ්‍යෙෂ්ඨ පුරවැසියන්, ගර්භනී මවුවරුන්, වයස අවුරුදු 5 ට අඩු දරුවන් සදහා සහ  “රණවිරු විරුසර” කාඩ්පත් හිමියන් සදහා 5% ක සුවිශේෂි වට්ටමක් සහිත ව ඖෂධ නිකුත් කිරීම  විශේෂත්වයක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.