කිලිනොච්චියේ පාලමක් යට මළ සිරුරු දෙකක්


(රොමේෂ් මධුෂංක)

කිලිනොච්චිය පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේ මාර්ගයක ඉදිකොට තිබූ පාලමක් යට තිබී හඳුනානොගත් පුද්ගල මළසිරුරු දෙකක් අද (02) උදෑසන සොයාගත් බවට කිලිනොච්චිය පොලීසිය පැවසීය.

කිලිනොච්චිය ඒ- 35 මාර්ගයේ පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේ 10 කනුව ස්ථානයේ පිහිටි ඉදිකරමින් පවතින පාලමක් තුල තිබී අදාල පුද්ගල මළසිරුර ප්‍රදේශවසියෙකු දැක ඒ පිළිබඳව පොලීසියට දැනුම් දීමට පියවර ගෙන ඇත.

අනතුරුව අදාල ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින් මළසිරුරු තිබූ ස්ථානය පරික්ෂා කොට ඇති අතර මළසිරුරු තිබූ ස්ථානයේ තිබී හෙල්මට් දෙකක්ද සොයාගෙන ඇති අතර මිය ගිය අයගේ මළසිරුරු ගොඩට ගැනීමට පියවර ගනු ලැබීය. මෙලෙස මිය ගොස් ඇති පුද්ගලයින් දෙදෙනා කව්රුන්දැයි යන්න මෙතෙක් හඳුනාගෙන නෙමැත.