(විමුක්ති එස් රුද්රිගු)
කීමෝ තෙරපි ප්රතිකාරය සාර්ථකව අවසන් කිරීමෙන් පසුව කේට් මිඩ්ල්ටන් කුමරිය සහ විලියම් කුමරු යුවළක් ලෙස ප්රථම වතාවට මහජන අවස්ථාවකට සහභාගී වී ඇත.
පසුගිය ජූලි මාසයේදී පිහි ඇනුමකින් ළමයින් තිදෙනකු මරණයට පත්වූ වයඹදිග එංගලන්තයේ සවුත්පෝට් නගරයේ ප්රජාවට සහාය පළකිරීමටත් එම බිහිසුණු අත් දැකීමෙන් නගරය යථා තත්වයට පත්වෙමින් සිටින අවස්ථාවක ඔවුන්ගේ අත් දැකීම් විමසීමටත් කේට් කුමරිය සහ විලියම් කුමරු එක්ව එම නගරයේ සංචාරයක නිරත වී ඇතැයි කෙන්සින්ටන් මාලිගය නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේය.
කේට් කුමරිය සහ විලියම් කුමරු සවුත්පෝට් නගරයේ කරන සංචාරයේදී එම සිදුවීමේදී ප්රතිචාර දැක්වූ හදිසි සේවා නිලධාරීන් මුණ ගැසීමටද නියමිත බවද කෙන්සින්ටන් මාලිගය ප්රකාශ කළේය.