කුඩු ජාවාරමා ළඟ උණ්ඩ සහ වාහන අංක තහඩු


(තරංග ගුණරත්න)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට අයත්ව තිබු ටී 56  උණ්ඩ 60 ක්, එමි 16 වර්ගයේ  උණ්ඩ 06 ක් පුහුණු හිස් පතුරම් 09 ක් තියුණු කඩු 01 ක් සොරකම් කරන ලද යතුරුපැදි අංක තහඩු දෙකක් සහ තවත් මෝටර් රථයක අංක තහඩුවක්, අවි පුහුණුවට යොදාගන්නා පොත්ක් ඇතුළු උපකරණ අද පස්වරුවේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ වැලිගම පුෂ්පාරාම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැලිගම කොක්මාදුව ප්‍රදේශයේ විශේෂ වැටලීමකදී මෙවා අත්අඩංගුවට ගෙන ඇත.