කුණු කන්ද ළඟ සිටි අයට දෙන්න අලුත් ගෙවල් සොයයි


(අංජුල මහික වීරරත්න)

මීතොමුල්ල කුණු කන්ද අසල නිවාසවල ජීවත් වූ පිරිස් පදිංචි කිරීම සඳහා නිවාස සංවර්ධන අධිකාරියට අයත් හිස් නිවාස පිළිබඳව සොයා බලා වාර්තාවක් දෙන ලෙස ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා නිලධාරීන්ට දැනුම් දුන්නේ ය.

මීතොටමුල්ල කසල කන්ද අසල, මිහිඳු මාවතේ පදිංචිව සිටි ජනතාව මුහුණ පා ඇති ගැටලු සඳහා ලබාදිය හැකි විසඳුම් පිළිබඳව නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණතිලක සහ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය , කොළොන්නාව ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති එරංග ගුණසේකර අතර සාකච්ඡාවක දී මෙම දැනුම් දීම සිදු කෙරිණි.

මෙම සාකච්ඡාව නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු කාර්යාලයේ දී පැවැත්විණි.

මීට අදාළ තවත් සාකච්ඡා වට කිහිපයක් එළඹෙන සතියේ දී පැවැත්වීමට නියමිතය.