කුණු හාල්මැස්සන් කිලෝ 10000ක් කල්පිටියෙන් හමුවෙයි


(එච්. චන්දන )

සත්ත්ව අහාර බව පවසමින් ඉරානයෙන් ආනයනය කළ  මිනිස් පරිභෝජනයට නුසුදුසු හාල්මැස්සන් කිලෝ 10000 ආසන්න ප්‍රමාණයකට පාලවිය ගබඩාවකින් සොයාගත් බව කල්පිටිය සෞඛ්‍යය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි.

පාලවිය ප්‍රදේශයේ  ගබඩාවක සඟවා සේවකයන් යොදවා හාල්මැස්සන් තෝරමින් සිටි බව වැටලීම සිදු කළ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරු පවසති. 

මෙම ගබඩාව කොළඹ ප්‍රදේශයේ අයකු මාසකට රු 12000 කට  මාස 06ක කාලයට කුලියට ගත් බව එහි හිමිකරු පවසා ඇත.  දුර්ඝන්ධය හමන හාල් මැස්සන්  කිලෝ 10000 ආසන්න ප්‍රමාණයක් එහි තිබූ බව  මූලික විමර්ශණවලදී අණාවර්ණය වී ඇතැයි මහජන සෞඛ්‍ය අංශය පවසයි.

කල්පිටිය පොලිසීයේ විශේෂ කාර්යංශයේ බුද්ධි තොරතරකට අනුව  සිදු කළ මෙම වැටලීම සිදු කර ඇත.