කුඹුරේ වැටී සිටි ඇතකු මසකට පසු නැගිට්ටුවයි


(අතුල බණ්ඩාර)

කිසියම් අනතුරකට ලක්ව මාසයක ආධික කාලයක සිට ප්‍රතිකාර ලබ මින් සිටි ඇතකු බැකෝ යන්ත්‍ර මගින් නැගිට්ටුවීමට වනජීවි නිලධාරීහු කටයුතු කළහ.

වවුනියාව පුදූර් ප්‍රදේශයේ  කුඹුරුක ඉතා දුර්වල තත්ත්වයෙන් වැටී සිටින ඇතකුගේ ජීවිතය බේරා ගැනීමට වනජීවී නිලධාරීහු මේ දිනවල මහත් පරිශ්‍රමයක් දරති.

නැගිට ගැනීමට නොහැකිව  මසකට වැඩි කාලයක් තිස්සේ වනජීවී නිලධාරීන්ගේ ප්‍රතිකාර නිසා තවමත් ඇතා ජීවත්වන බව වනජීවී නිලධාරීහු කියති.

බිම වැතිරි සිටිම නිසා ශරීරයේ තුවාල හටගෙන ඇති  එම තුවාලවලට ප්‍රතිකාර කිරීම සඳහා ඇතා නැගිට්ටුවීමට පියවර ගත් බව ද වනජීවිය කියයි.

මෙම ප්‍රතිකාර කටයුතු සඳහා යුද හමුදාවේ ද සහාය ලැබෙන බව වනජීවිය පවසයි.