(අංජුල මහික වීරරත්න)
කුරුණෑගල පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් දිසාපති තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කුරුණෑගල පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් / දිසාපති වශයෙන් කටයුතු කළ ආර්.එම්.ආර්.රත්නායක මහතා 2025-03-03 දින රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබා ඇති බැවින්, එම තනතුර පුරප්පාඩු වී තිබේ.
එම තනතුරට සුදුසු නිලධාරියෙකු වශයෙන් දැනට වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි ඩී. එම්. කේ. සී. දිසානායක මහතා හඳුනාගනු ලැබ ඇත.
ඒ අනුව, ඩී. එම්. කේ. සී. දිසානායක මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කුරුණෑගල පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/දිසාපති වශයෙන් පත් කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.